Heart Touched
-උන්මන්තකයා- උදේ පාන්දරම අම්ම ඇවිත් ඇහැරවද්දිත් මම හොඳටෝම නිදි.කලින් දවසක් තිබුණද නැත්ද කියල මම දන්නෙත් නෑ... බිත්තරෙන් එලියට ආව කුකුල් පැටිය වගේ අමුතුම ෆීලින් එකක් එක්කයි ඇහැරියෙ. හැබැයි ඒ ෆීලින් එකනම් ටික වෙලාවක් යනකන් විතරයි. අම්ම බත් ටික කවල ඉවරවෙලා චුට්ටක් වෙලා යනකොට නර්ස් නෝනල දෙන්නෙක් ඇවිත් මොනාද මන්ද බෙහෙත් වගයක් දෙනව. බොනකන් බලන් ඉඳල කට ඇරල දිව එලියට දාල පෙන්නුවම තමයි එයාල එතනින් යන්නෙ. හැබැයි ඒත් එක්කම තප්පරේකට ලක්ශ වාරයක් විතර මගේ ඔලුව ඇතුලෙ කැරකෙන සිතුවිලි ගොඩක් එක පාරටම තප්පරේට වට බාගයක් ගානෙ යනව වගේ මන්දගාමී හැඟීමක් එක්ක හවස් වෙනකන්ම මාව කන්ට්රෝල් කරන්න තරම් ඒ බේත් පෙතිනම් මාරම දක්ශයි. ආයෙත් රෑ වේගෙන එනකොට කෑ ගහල අඬන්නත් දඟලන්නත් ඇඳ පෙරලගන්නත් හදන නිසා ඔන්න හවසටනම් මට හම්බෙන්නෙ ටිකක් සැර බේතක්. වාට්ටුවෙ දොස්තර මහත්තය ඇවිත් ගිරවෙක්ගෙන් වගේ හැමදාම එකම ප්රශ්න ටික අහ අහ ඉන්න ගමන් මගේ පස්ස පැත්තට ඉන්ජෙක්ෂන් එකක් ගහනව. ආව වැඩේ කරල යන්ඩ හිතක්නම් පොරට නෑ.... ඒත් කතානම් කරනව සෑහෙන වෙලවක්. මාර වැඩේ මට මෙලෝ සංසාරයක් ඇහෙන්නෙත් නෑ.... හැමදේම නතරවෙලා වගේ.. කං දෙක කී....