Heart Touched
-උන්මන්තකයා-
උදේ පාන්දරම අම්ම ඇවිත් ඇහැරවද්දිත් මම හොඳටෝම නිදි.කලින් දවසක් තිබුණද නැත්ද කියල මම දන්නෙත් නෑ... බිත්තරෙන් එලියට ආව කුකුල් පැටිය වගේ අමුතුම ෆීලින් එකක් එක්කයි ඇහැරියෙ. හැබැයි ඒ ෆීලින් එකනම් ටික වෙලාවක් යනකන් විතරයි. අම්ම බත් ටික කවල ඉවරවෙලා චුට්ටක් වෙලා යනකොට නර්ස් නෝනල දෙන්නෙක් ඇවිත් මොනාද මන්ද බෙහෙත් වගයක් දෙනව. බොනකන් බලන් ඉඳල කට ඇරල දිව එලියට දාල පෙන්නුවම තමයි එයාල එතනින් යන්නෙ. හැබැයි ඒත් එක්කම තප්පරේකට ලක්ශ වාරයක් විතර මගේ ඔලුව ඇතුලෙ කැරකෙන සිතුවිලි ගොඩක් එක පාරටම තප්පරේට වට බාගයක් ගානෙ යනව වගේ මන්දගාමී හැඟීමක් එක්ක හවස් වෙනකන්ම මාව කන්ට්‍රෝල් කරන්න තරම් ඒ බේත් පෙතිනම් මාරම දක්ශයි.
ආයෙත් රෑ වේගෙන එනකොට කෑ ගහල අඬන්නත් දඟලන්නත් ඇඳ පෙරලගන්නත් හදන නිසා ඔන්න හවසටනම් මට හම්බෙන්නෙ ටිකක් සැර බේතක්.
වාට්ටුවෙ දොස්තර මහත්තය ඇවිත් ගිරවෙක්ගෙන් වගේ හැමදාම එකම ප්‍රශ්න ටික අහ අහ ඉන්න ගමන් මගේ පස්ස පැත්තට ඉන්ජෙක්ෂන් එකක් ගහනව. ආව වැඩේ කරල යන්ඩ හිතක්නම් පොරට නෑ.... ඒත් කතානම් කරනව සෑහෙන වෙලවක්. මාර වැඩේ මට මෙලෝ සංසාරයක් ඇහෙන්නෙත් නෑ.... හැමදේම නතරවෙලා වගේ.. කං දෙක කී........න් ගානව නින්ද යනකන්ම
හී.... පව් ඩොකා... පිස්සෙක් වගේ බොරුවට කියවනව. විනාඩි දහ තුනක් විතර යනකොට මම හොඳ...ට නිදි.
කොහොමහරි ඕක තමා මගේ දවස ගෙවිල යන විදිය.

ඔයාල බලන්න ඇති මොකක්ද මේකෙ තේරුම කියල. මටත් හිතාගන්ඩ බෑ.... කොහොමහරි මම
ඉන්නෙ ඉස්පිරිතාලෙ මානසික වෛද්‍ය ඒකකයේ. ඔව්.!! පිස්සු වාට්ටුවෙ. මම දැන්
අවුරුදු ගානකින් කාත් එක්කවත් කතාකරල නෑ.... අවුරුදු දෙකකටත් වැඩී මම
හිතන්නෙ. මේ ඉස්පිරිතාලෙට ගෙනත්නම් මාස දෙකක් වගේ.
මට බෑ අප්ප මෙතන ඉන්න. ඕනිම නෑ... මගේ ජීවිතේම කාලසටහනක් වගේ වෙලා... එකම දේ රිපීට් වෙනව හැමදාම. මම මෙතනින් පැනල යන්ඩ හැදුව ගොඩ සැරයක්ම. අල්ලගෙන ආයෙත් ගෙනත් දැම්මනෙ මාව මෙතනට. බැරිම තැන එහා ඇඳේ ලෙඩාගෙ බෙහෙත් බොතලේ තිබ්බ සේරම ටික බීල දැම්ම මැරෙන්ඩවත් හිතාගෙන. අපෝ එදානම්...!! වමනෙත් ගිහින් ඔලුව පුපුරන්න වගේ. ආයෙ මැරෙනවනම් එහෙම මම බෙහෙත් බීලනම් මැරෙන්නෙ නෑ කියල එදාම හිතාගත්ත ඉතිං.
එදා ඉඳන් තමා මේ බෙහෙත් දෙනකම් අත් දෙක ගැටගහල තියෙන්නෙ මගේ...
මගේ මේ දේවල් වල මුලනම් තියෙන්නෙ අවුරුදු ගානකට එහා දවසක ඉඳන්. මාත් ආදරේ කලා මගේ ජීවිතේ යමක් කමක් තේරෙන කාලෙක ඉඳන් එකම එක කෙල්ලෙක්ට. පොඩි කාලෙ ඉඳන්ම.
හැමෝටම හොරෙන් ගෙවිල ගිය ඒ ආදරේ තිබුණු කාලෙ මම හිටියෙ මාරම සතුටකින්. ඕලෙවල් කාලෙ ඒලෙවල් කාලෙ දවස් ගෙවිල යනකනුත් එයා මාත් එක්කම හිටිය. මම පළවෙනි පාරින්ම ඒලෙවල් නතර කලත් එයා දිගටම ඉගෙනගත්ත. මගේ ආසාව තිබුණෙ බිස්නස් කාරයෙක් වෙලා දියුණු වෙන්න. එයාගෙ ආසාව උනේ ඉගෙනගෙන ඉස්සරහට යන්න. මට රස්සාවක් කරන එක මහා එපාකරපු දෙයක්. මොකද මට ඕනි උනේ දවසක මගේම බොස් වෙන්න.
ලොකු හීන. පිටරට සවාරි,හොඳ වාහන,ලස්සන ගෙයක් ඕව මගේ හීන වෙද්දි එයාගෙ හීනෙ උනේ එයාගෙ රස්සාවෙන් එයාටම වාහනයක් ගන්න එක.
මම වචනවලින් හීන කිව්වට ඒව හීන නෙවි... බලාපොරොත්තු.! ඒත් එයා දැක්කෙ මගේ බලාපොරොත්තු කවදාවත් හරියන්නෙ නැති හීන විදිහට. එයාට ඕනි උනේ සාමාන්‍ය ජීවිතයක්. අපේ ජීවිතවල නිදහස්ම කාලෙ අපිට ලැබෙනකොටම එයා තීරණයක් ගත්ත මම නැතුව ඉස්සරහට යන්න.
එයත් එක්කම බැඳිල තිබුණු මගේ හැම හීනයක්ම කෑලි කෑලි වලට කැඩිල විසිරිලා ගියා.
මගේ හීනවල පිටරට සවාරිවල මගේ පාට්නර් උනේ එයා, මගේ වාහනේ මගේ එහාපැත්තෙන් මම දැක්කෙ එයාව, මගේ ලස්සන ගෙදර ලස්සන කරන මැණික එයා. මගේ කියල මම දැක්කෙ අපේ හීන කියල එයාට නොතේරෙන්න ඇති. මගේ හීනවලට ශක්තියක් උනේ එයා කියල නොතේරෙන්න ඇති. සෑහෙන්න කාලයක් මම ආයෙත් ආදරේ ඉල්ලන් පස්සෙන් යන්නත් ඇති. ආදරේ ඉල්ලගෙන පස්සෙන් ගිහින් හති වැටිල මම නතරවෙද්දි මට යන්න වෙන පාරක් ඉතුරුවෙලා තිබුණෙ නෑ.. ගන්න වෙන තීරණයක් තිබුණෙත් නෑ... ජීවිතේ හැම සම්බන්දයක්ම අතෑරල දාල මම වචනයක් පිට කරපු අන්තිම දවසෙ මගේ කාමරේ ඇතුලට ගියේ මම මගේ ඇතුලෙම හිරවෙලයි.
සති ගානක් කාමරේ ඇතුලෙම හිරවෙලා හිටිය මගෙන් අම්ම අඬ අඬා ඉල්ලද්දිත් කතාකරපන් කියල,මට කතාකරන්න ඕනි උනත් වචන පිටකරගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මම දන්නෙ නෑ මට අදටත් බෑ...
මට අදටත් ඕනි අම්ම බත් කවන හැම බත් කටකටම වචනෙන් ස්තූති කරන්න, ජීවිතේ මේ තැනින් නතර උනාට සමාව අරගන්න. දැන් පරක්කු වැඩීද කොහෙදෝ.මොකද දැන් කතාකරන්නෙ මගේ හිතයි කඳුලුයි විතරක් නිසා..
::::::::::::::::::::::::::::::
පුරුදු විදියටම අද දවසත් ගෙවීගෙන යනකොට දවල් බෙහෙත් වෙලාවෙදි දැකපු දේට මගේ ඇස් උඩ ගියා... අනිත් ලෙඩ්ඩුන්ට බෙහෙත් දීගෙන ගිය නර්ස් නෝන මගේ රිපෝට් එක බලල මට බෙහෙත් නැති නිසා මාත් එක්ක හිනාවෙලා ඊළඟ ලෙඩා ගාවට ගියා.
උදාරී.... මගේ හිත කෑගැහුවත් මගෙන් පිට උනේ හීනි කෙඳිරියක් විතරයි. උදේ බෙහෙත් වලින් මෙල්ල වෙලා හිටිය මම ඒ වෙලාවෙ අසරණ උනා... ආයෙත් කෑ ගැහුව මගේ දිහා බලන්න කියල. එයාට ඇහෙන්නෙ නෑ... වචන පිටවෙන්නෙ නෑ...
ඒත් මාව අඳුරගත්තෙ නැත්තෙ ඇයි... බෙහෙත් වල තිබුණ බලපෑම අමාරුවෙන් යටපත් කරගෙන ඔලුව දෙපැත්තට හරව හරව දඟලන අතරෙ මේසෙ උඩ තිබුණ වතුර කෝප්පෙන් මගේ මූණ දැක්කෙ අහම්බෙන් වගේ. කොණ්ඩෙ රැවුල වැවුන මාව මටවත් අඳුරගන්න බැරි කොට එයා මේ පිස්සු වාට්ටුවෙ ඉන්න මාව කොහේ අඳුරගන්නද.
ඒත් මගේ දැඟලිල්ලට එයා මගෙ ලඟට ආයෙත් ආවෙ ලොකු නර්ස් නෝනට කතාකරගෙනමයි.
"මිසී මේ පේශන්ට් කලබල වෙලා...ඉක්මනට ඩොක්ටර්ට එන්න කියන්න..."
වතුරෙන් ගොඩට දාපු මාළුව වගේ දඟලද්දි අතට දාල තිබුණ සේලයින් කටුව ඇඳේ වැදිල ගැලවිලා ගියා..
"එයාව හයියෙන් අල්ලගන්න.." කියන පරක්කුවටම උදාරි බයෙන් වගේ මගේ අතින් අල්ලගත්ත. ඒ චූටි අත් දෙකෙන් මගේ අත අල්ලද්දි මම සම්පුර්ණයෙන්ම මෙල්ලවෙලා ඉවරයි . කඳුලු පිරිච්ච ඇස් දෙකෙන් මම ඒ ඇස් දිහා බලද්දි මම ආයෙමත් අපි අපේ වෙලා හිටිය කාලෙ ජීවත් වෙනව වගෙයි දැණුනෙ.. මගේ වටේට වට වෙච්ච නර්ස්ල වෙච්ච දේ හිතාගන්න බැරුව බලාගෙන ඉද්දි උදාරි මගේ ඔලුවෙන් අත තියල මගේ අවුල් වුණු කෙස් අතරින් එයාගෙ චූටි ඇඟිලි වලින් ඔලුව අතගානකොට ඇත්තමයි එදා තමයි මගේ ජීවිතේ සතුටුම දවස... අපි එකට හිටපු කාලෙ පුරාවටමවත් මට එයාට කියල ඔලුව අතගාගන්න ලැබිල තිබුණෙ නෑ... කුලප්පු වෙච්ච අලියෙක් උනත් මෙල්ල කරන්න පුළුවන් තරම් ඒ හැඟීම ආදරණීයයි...
"මිසී අයින් වෙන්න. මේ පේශන් ගොඩක් අවුට් ඔෆ් කන්ට්‍රෝල්. අපි මෙයාව මුල්ලේරියාවට ට්‍රාස්න්ෆ කරන්න ඉන්නෙ නෙක්ස්ට් වීක් එකේ. මොකද මෙයාව බලාගන්න අමාරුයි..."
ඩොක්ටර් ඇවිත් ඒ කියනගමන්ම ඉන්ජෙක්ෂන් එකක් ගැහුව.ටික වෙලාවක් යද්දි මට උදාරිව බොඳ වේගෙන යද්දි මගෙන් අත අහකට අරගන්නව මට දැණුන... නින්දට යනකනුත් මගේ හිතේ ඇඳුනෙ එකම එක ප්‍රශ්නයයි. එයා මගේ ඇස් අඳුරගත්තද.??
:::::::::::::::::::::::::
මම ආයෙත් ඇහැරුනේ අනිත් දවසෙ උදේ. අම්ම අදත් පුරුදු විදියටම බත් කවන ගමන් ඊයෙ වෙච්ච දේට මට දෙහි කපනව.
" ලබන සතියෙ උඹව පිස්සන්කොටුවට යවනව කියල දොස්තර මහත්තය මට කිව්ව.
ඊයෙත් උඹ යකා නැටුවලු නේද මෙතන. මගේ අන්තිම කාලෙවත් හිත නිදහසේ ඉන්න නැති හැටි අම්මප. උඹව අංගොඩ යැව්වම කවුද පුතේ උඹව බලගන්නෙ. හැබැයි අංගොඩව් ගියොත් ගියාමයි ආයෙත් ගොඩ ඒමක්නම් නෑ...
දෙයියන්ගෙ නාමෙට මෙතනවත් හොඳට හිටහන් මයෙ පුතේ. උඹ ගොනා වගේ හිටියට මං දන්නව උඹට තේරෙනව කියල මේව. කියන දේ අහපංකො පුතේ..."
බත් පිඟානත් ඉවර වෙලා අම්ම තවමත් කියවනව.මම වාට්ටුව පුරාම එහෙට මෙහෙට එබි එබි ඇස් යව යව උදාරිව හොයනව.
"මොකක්ද ඔය උඹ හොයන්නෙ පිළිහුඩුව වගේ ඉඳගෙන.. "
අම්ම අහපු පරක්කුවට මම දත් ටික විරිත්තල අම්මට පෙන්නල ආයෙමත් උදාරිව හොයන්න ගත්ත.
ආයෙත් අම්ම දිහා බලද්දි අම්ම ඉඳුල් අතත් කම්මුලේ තියාගෙන කඳුලුත් පුරවන් මගේ දිහා බලාගෙනම ඉන්නව. මට ගානක් නෑ... මම ආයෙත් උදාරිව හොයනව. එක පාරටම අම්ම ගිහිං වාට්ටුවෙ ලොකු නර්ස් නෝනව එක්කගෙන ආව.
"මිසී.. මගෙ කොල්ල මේ දැං මාත් එක්ක හිනා උනා අනේ ඇත්තමයි."
ටාහුඩු... මම හිනාවුනා නේන්නම්... ඒ මගේ රෝගී තත්වෙ මුල ඉඳන්ම මම මොනාහරි දේකට ප්‍රතිචාරයක් දක්වපු පලවෙනි පාර. අම්ම කිව්වමයි මටත් තේරුණේ...
ඒත් එක්කම වාට්ටුවෙ කෙලවරේම දොරෙන් උදාරි මතු උනා. මම ආයෙත් ඇස් ලොකු කරන් එයා දිහා බලන් ඉන්නව. එයත් හිනාවීගෙනම මගේ පැත්තට එනව.
ඒ තරම් ලස්සන හිනාවක්..!!හිනාවෙනකොට කම්මුල් වල ගැහෙනව. ඉස්සරහට උල් වෙච්ච රෝස පාට තොල් දෙක නලියනව. එයා හිටියටත් වඩා ලස්සන වෙලා. නර්ස් ඇඳුමට එයා තවත් ලස්සනයි.
මම තවමත් ඇස් දෙක ලොකුකරන් එයා දිහා බලාගෙනමයි. පස්සෙයි දැක්කෙ එයාට එහාපැත්තෙන් පානිය දාගෙන ආව දොස්තර මහත්තයව.
එවෙලෙනම් මගේ හිතට ආවෙ ඊයෙ මට විදපුවයින් ඉන්ජෙක්ෂන් 10ක් විතර එකපාර අරන් ඩොකාට විදින්න ඕනි කියල. මගේ උදාරිව අල්ලගන්න හදනවට. මම ඩොකා දිහත් උදාරි දිහත් මාරුවෙන් මාරුවට බල බලා ඉන්න අතරෙ දෙන්නම මගේ ඇඳ ගාව ඇවිත් නතර උනා.
"ඩොක්ට මේ අම්ම කියනව පේශන් අද අම්මත් එක්ක හිනා උනා කියල. ඒත් මම එනකොටනම් මෙයා නෝර්මල්...
"ම්ම්ම්ම්.. මෙයා මේ වෙනකන් කිසිම දේකට රියැක්ශන් එකක් කලේ නෑ නේද ?
ඒත් ඊයෙ කරපු කලබලෙත් එක්ක මෙයාව තව දුරටත් අපි ලඟ තියාගන්න අමාරුයි...
මට සමාවෙන්න අම්ම.!
මට මෙයාව මුල්ලේරියාවට මාරු කරන්න සිද්දවෙනව..
උදාරි මෙයාගෙ ටැබ්ලට්ස් ටික දෙන්න..!! "
කියපු ඩොක්ටර් එතනින් යන්න ගියා...
උදාරි එයාගෙ අතේ තිබුණු බෙහෙත් පෙති ටික අතට අරන් ලං උනා මට බෙහෙත් ටික පොවන්න. මාත් වෙනදට අප්පිරියාවෙන් කටේ දාගන්න බෙහෙත් ටික අද කටේ දාගත්තෙ පුරාම කෑදරකමෙන් වගේ... වෙනදට අනිත් නර්ස්ල බෙහෙත් ටික අම්ම අතට දීල බලන් ඉද්දි අද උදාරි මට බෙහෙත් ටික පෙවුව විදිය...
ඇත්තටම එයා ගොඩක් කරුණාවන්තයි, දන්න කාලෙ ඉඳන්ම කිව්වෙ ඩොක්ට කෙනෙක් වෙන්න බැරි උනොත් නර්ස් කෙනෙක්නම් වෙනව කියලමයි. ඒත් මගේ හිතේ ඒ ගැන අකමැත්තක් තිබුණ. වෙන මොකටවත් නෙවියි. නර්ස් කෙනෙක්ගෙ කාර්‍යබහුල ජීවිතෙත් එක්ක අපිට අපිව නැතිවේවිද කියලයි.
"ලෙඩ්ඩුන්ගෙයි ඉස්පිරිතාලෙයි ජරාව එක්ක ඉඳල ඉඳල නාන්නෙ නැතුව එහෙම එන්ඩ එපා මගේ ගාවට හරිද..."
ඉස්සර ඔය නර්ස් රස්සාව ගැන කතාවෙද්දි මම එයාව අවුස්සන්න බොරුවට එහෙම කියනව.. එයා මාව දාල යන්න පස්සෙ කාලෙක ඒවත් මගේ වැරදි පැත්තට හැරවුනු ලොකු හේතු වෙලා තිබුණෙ හිතුවෙවත් නැති මහ දරුණු විදියට.
කොහොමහරි අද එයා එයාට ගැලපෙනම රස්සාවක් ආසාවෙන් කරන හැටි මම අත්දැකීමෙන්ම දකිද්දි මට ඇති උණේ මගේ ගැනම මහා කළකිරීමක්.එයා ගැන පුදුම ආඩම්බරයක්..
කෝ කට අරින්න බලන්න...!!!
මම ආයෙත් පියවි ලෝකෙට ආවෙ උදාරිගෙ ලස්සන කටහඬින්... මම වෙනදටත් වඩා උනන්දුවෙන් කට ඇරල පෙන්නුව.
"හොඳ...ළමය.." කියල හිනාවෙලාම කියපු එයා මගේ ගාවින් යන්න ගියා...
දෙවියනේ..! මගේ උදාරි දන්නවනම් මේ මම කියල. සතුටුවෙයිද දුක්වෙයිද ආයෙත් මම මගේ හිත ඇතුලෙම තනි උනා...
ඊටපස්සෙ දවල් වෙනකනුත් මම උදාරිව දැක්කෙ නෑ... බෙහෙත් වල බලේට මාත් හිටියෙ අන්ද මන්ද වෙලා.ඔහොම ඉද්දි වාට්ටුවෙ වැඩකරන කොල්ලො දෙන්නෙක් මාව උස්සගෙන නානකාමරේට අරගෙන ගිහිං වාඩිකෙරෙව්ව...
මම නාන්නෙ දවස් කිහිපයකට සැරයයි. ඒත් අද නාන දවසත් නෙවි. වෙන්නෙ මොකක්ද කියල මාත් දැනගත්තෙ උන් දෙන්නගෙ කතාවෙනුයි.හෙට මාව මාරුකරනවලු මෙහෙන් පිස්සන්කොටුවට. රැවුල කොණ්ඩෙ කපල මාව පිළිවෙලක් කරන්නයි මේ ලෑස්තිය. කණ්නාඩියක් ගෙනත් මගේ ඉස්සරහින් තියල කොණ්ඩෙයි රැවුලයි අඩු කරද්දි තමා පරණ මාව ආයෙමත් මට බලාගන්න පුළුවන් උනේ...
නාවල පිරිසිදු කරල එහෙම මාව ආයෙමත් ඇඳෙන් ගෙනත් තියපු කොල්ලො දෙන්න යන්න ගියා...
දවල් ලෙඩ්ඩු බලන වෙලාව ආවත්. උදාරි තවමත් හොයාගන්න නෑ... මම ස්ටාෆ් රූම් එක දිහාම බලාගෙන ඉද්දි කෝල් එකක් ගන්න ගමන් එලියට ආව උදාරි කොරිඩෝ එකේ නැවතිලා කොහෙදෝ බලාගෙන හිටිය... ටික වෙලාවකින් චූටි ළමයෙක් වඩාගත්ත පිරිමි කෙනෙක් ඇවිත් උදාරිත් එක්ක කතාකරන ගමන් උදාරිත් ළමයව ආදරෙන් වඩාගෙන තුරුල් කරගද්දියි මට තේරුණේ හැමදේම...
උදාරි දැන් අම්ම කෙනෙක්...ඒ එයාගෙ මහත්තයයි දරුවයි..??
මගේ ජීවිතේ වෙච්ච ආදරේ ඒ විදියට දකින්නතරම් හිතේ හයියක් මේ දුර්වල මට තිබුනෙ නෑ...
උදේ බීපු බෙහෙත් පරාදකරගෙන මගේ ඔලුව පුපුරන්න වගේ රිදෙන්න ගනිද්දි ඇස් අග හිරවෙලා තිබුණු කඳුලු සට සට ගාල කම්මුල් දිගේ බේරෙන්න උනා.
"ආ..........හා........!!!"
හිතෙන් එලියට ආව වේදනාවක් පිටකරන්න වචන හොය හොයා මගේ හැඬුම් මුළු වාට්ටුව පුරාම රැව් දෙන්න උනා..
මම දන්නෙ නෑ මටම මොනව උනාද කියල. මට දැණුනෙ මගේ ඇතුලෙන් මාව පුපුරණව වගේ. මේතරම් කාලයක් හිතේ නොතිබුණු තරම් වේදනාවක් ඇඟ පුරාම දුවන්න උනා... මම දන්නෙ නෑ මනුස්සයෙක්ගෙ හිත තියෙන්නෙ ඔලුවෙද පපුවෙද ඇඟේ කොහේද කියල. ඒත් ඒ වෙලාවෙ වැඩියෙන්ම රිදුණෙ මගේ පපුවෙ හරි මැදින්... මෙච්චරකල් නොතිබුණු නොසන්සුන්කමකින් මම දඟලන අතරෙම මට මගේ හුස්ම අමතක උනා අඳුරුවීගෙන යන රූප ගොඩක් මැදින් එකපාරටම උදාරිගෙ කඳුලු පිරිච්චි මූණ දකිද්දි බොඳවීගෙන යන සද්ද ගොඩක් අතරින් මට ඇහුණෙ ඉස්සරම කාලෙක මම අහන්න ආසම ආදරේම කරපු වචන.
සුදු මහත්තයො....!!!
විශ්වාස කරනවද මනුස්සයෙක්ගෙ මරණ මොහොතක් උනත් ජීවිතේම වටිනාම මොහොතක් වෙන්න පුළුවන් කියල???ඇත්තටම මම ඒ මොහොත අත්වින්ද. ඒත් මම ඒතරම් ඉක්මනින් මරණය වැලඳගන්න තරම් පව් කරල තිබුණෙ නෑ...
ඉතාමත් දරුණු තත්වයේ හෘදයාබාධයකින් යන්තමින් ජීවිතේ ගලවගෙන තිබුණෙ මහ පුදුම විදියකට කියලයි දොස්තරලත් කියනව ඇහුනෙ. සති දෙකක විතර කාලයක් දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ගන්නකන් මගේ ලඟින් ඉඳන් හැමදේම හොයල බලල තිබුණෙ උදාරිමයි.
එදා මම රැවටිලා තිබුණෙ උදාරිගෙ දවල් කෑම එක අරගෙන ආව අක්කගෙ මහත්තයටයි එයාගෙ චූටි දුවටයිලු... පස්සෙ දවසක උදාරිම මට කිව්වෙ එයාට මගෙන් ලැබුණු ආදරෙත් එක්ක වෙන හිතකට ලං වෙන්න තරම් පුළුවන්කමක් තිබුණෙ නෑ කියල.
දන්නවද තව දෙයක්.එදා ඇති වෙච්ච ශොක් එක නිසා දෙවියන්ගෙ පිහිටෙන් ආයෙමත් මට කතාකරන්න පුළුවන්...
මම තවමනම් ගෙදර ලෙඩ ඇඳේ. ඒත් මාව ඉක්මනින්ම සනීපවේවි.. මොකද දැන් මාව බලාගන්නෙ මගේ චූටි නර්ස් නෝන නිසා... ඔව් එයා ආයෙමත් මගේ ලඟ. ඉස්සරටත් වඩා ආදරෙන්... හැමදේම තේරුම් අරන්. දැන් මට විශ්වාසයි... අපේ ජීවිතේ ඉතුරු හැම දවසක්ම ආදරණීයම දවසක් වේවි කියල...
-හ®ස-

Comments
Post a Comment